යාලු වදේ

හෆොයි අද මාර ඇණයක් කඩා වැටුන ඒක ඇනයකුත් නෙවෙයි යකඩ බාල්කයක් ඔන්න  කතාව යාලුවෙක් ඉන්නව මෑන්ට මොකක් හරි නිකන් කරල දෙනවනම් ඉතින් ඊට වඩා දෙයක් නෑ ඔන්න මිනිහට පොඩි ව්‍යාපෘති පොජ්ජක් කරන්න ඕන වෙලා  ඔන්න මට දැන් පැය3 විතර කලින් මිස් කෝල් එකක් ආව අනේ ඉතින් මාත් ගොං කමට යාලුව නොවැ ඌට සල්ලි නැතුව වෙන්න ඇති කියල ගත්ත

ඕන්න හෙනහුරා සක්‍රිය උනා

හලෝ ***  උබ වැඩක්ද

නෑ ඇයි

අඩෝ පොඩි උදවුවක් ඕන

හම් කියපං බලන්න කරන්න පුලුවන්නං කරන්නං

නැ නැ උබට පුලුවන්

හා ඉතින් කියපන් ### කෙකර  බාන් නැතුව

මම පොඩි ‍ව්‍යාපෘතියක් කරනව උබට මතකද

මට ඕව කොහේ මතකද මමත් ඉතිං ඔවු කිවුව

අඩෝ ඒකට මට මුල් පිටුව හදන හැටි පොඩි අයිඩිය එකක් දීපං

…………………………………………………………………………….

හම්……. මමත් ඉතින් දන්න කියන සියලුම වැඩ කිඩ කියල මුල් පිටුව හදන්න කියල දුන්න

මෙන්න බලල පැන්න මල්ලෙන් එලියට  මේ *** මට මේක හදල දීපං ලොකු උදවුවක්

මමත් මොනව කරන්නද ඒත් යන්තං මං දන්නකියන විදියට අටවල පෙන්එකට දාල තිබ්බ මෙන්න මු ඇවිත් කියාපිය මචං මේක උබ ප්‍රින්ට් කලේ නැද්ද කියල(මගේ පුෂ්පය විකසිත විය) අන්තිම වදේ නොවැ කියල හිතල ඒකත් ප්‍රින්ට් කලා

ඔන් න තව මංගල්‍යයක් මේ මචං ඇතුලේ ‍‍පේජස් ටික මේ ටිකත් ටයිප් කරල දියන්

අනේ උබල වගේ යාලුවො වාසනාවන් කිවුවලු

හම් ටයිප් කරන්නං ඒකත් බාරගත්ත මෙන්න මුකියපි  උබට හෙට  උදේට ඕක් ඉවර කරල මට ගෙනත් දෙන්න පුලුවන්ද කියල ‍අනේ යකෝ මේක ප්‍රින්ට් කරන්නේ තොගේ අතේද මං ………..මු  දත්ත ඇන්ද දාල විරිත්තුව එච්චරයි ඒවත් මගෙන්

අනේ  මන්ද මේ ‍වගේ යාලුවො නොවාසනාවන්

මේ වගේ චාටර් කන්න මං උපං හපනෙක්  අද රැ නිනදක් නැතිව හදපංකෝ අරැගේ  මගුල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.